පුස්තකාලයට පොතක් වැඩසටහනට සමගාමීව මාලබේ, තරණය යොවුන් සමාජය විසින් අප පාසලේ පුස්තකාලය සඳහා පොත් ලබා දීම
හා ක්රීඩා සපත්තු ප්රදානය කිරීමේ වැඩසටහනේ අවස්ථා කිහිපයක්.
ඉතා දුර බැහැර සිට මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් පාසලේ දූ දරුවන් වෙනුවෙන් සිදු කළා වූ මෙම කාර්යය ඉතා අගය කරනු ලබන අතර, අප පාසලට මෙම අවස්ථාව උදා කරමින් සම්බන්ධීකරණ කටයුතු සිදු කළ නිමන්ත මහත්මයාටත් තරණය යොවුන් සමාජයේ සියලුම මහත්ම මහත්මීන්ටත් පාසලේ සියලු දෙනා වෙනුවෙන් විශේෂ ස්තුතිය පුදකර සිටිමු.
මෙවන් සත්කාරයන් ඉදිරියටත් සිදු කිරීමට ශක්තිය ලැබේවායි ප්රාර්ථනා කරමු..