(+94) 0415633470
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

සුවිසල් සිංහරාජය අසබඩ ගිං ගංඟාවෙන් රැකවරණය ලද සුන්දර ගම් පියසක පිහිටි  මාර/ මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය උපත ලැබුවේයැයි ඉතිහාසය සාක්ෂි දරන්නේ කි.ව 1921 ක්වු ජුනි මස 7 වෙනිදාය. ආරම්භක කාලසිමාව තුල මුල්පුටුව හොබවන ලද්දේ කවුරුන් විසින්දැයි සඳහනක් නොමැත. නමුත් 1926 සිට සිසු ගුරු පරපුර මෙහෙයවීමේ වගකිම ඩී.එම්.  හෙන්නදි මහතාට හිමි විය. අතු සෙවිලි කරන ලද තාවකාලික මඩුවක් ලෙස ආරම්භ වූ මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 15 කි. 1929 දක්වා මෙම පාසලට ගුරු නිවාසයක් හිමිව තිබුණේ නැත. 1929 දී ධනපාල මහතා පාලනය භාරගත් පසු 1930 වන විට උළු සෙවිලි කළ බිමට සිමෙන්ති දැමු ගොඩනැගිල්ලක් පාසලට ලැබී ඇත.

1996 පමණ වන විට පාසලේ ගුරු සංඛ්‍යාව 12ක් පමණ වු අතර එවකට පන්ති පැවතියේ  9 ශ්‍රේණිය දක්වා පමණි. 2004 පමණ වන විට ගුරු සංඛ්‍යාව 20 දක්වා වර්ධනය වු අතර 2005 වර්ෂයෙදී 10 ශ්‍රේණිය ආරම්භ කළ අතර 2006 දී ප්‍රථම වරට අ.පො.ස සාමන්‍ය පෙළ සඳහා සිසුන් 12 ක් පමණ ඉදිරිපත් විය. 2009 වසරේදි දෙනියාය කලාපයේ හොදම අ.පො.ස සාමන්‍ය පෙළ ප්‍රතිඵල ලබා ගැනිමට මෙම පාසල සමත් විය. එහිදි සමත් ප්‍රතිශතය 77.27% විය. 2004 වර්ෂයේ දී දැරුණු ගංවතුරකට මුහුණ දී විනාශයට පත් මෙම පාසල වසර 5ක් තුළදි නැවත සාර්ථක ලෙස නැගී සිටි ආකාරයට මෙය අගනා උදාහරණයකි. කෙසේ නමුත් ගංවතුරෙන් පසුව පාසලට නව ගොඩනැගිල්ලක් සම්පත් බැංකුවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර ජිනසේන සමාගම විසින් පුස්තකාලයක්  පරිත්‍යාග කරන ලදි.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වේ. 

විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය,මාධ්‍ය ඒකකය, ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයන් සදහා වෙන් වෙන් වූ ස්ථාන නොපැවතියද සම්පත් ඇති අයුරින් සිසුන්ට එම කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව උදාකර ඇත. කෙසේ වෙතත්  පාසලේ  පරිගණක ඒකකය , පුස්තකාලයෙ සහ ප්‍රථමාධාර ඒකකය  සක්‍රීය අයුරින් පවත්වාගෙන යනු ලබයි.

විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන,  ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්,  මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

වර්තමානය වන විට පාසලට විද්‍යා කාමරයක්, පරිගණක කාමරයක් සහ 2020 වසරේ දෙනියාය කොමර්ෂල් බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ ීඔෑඵ පන්ති කාමරයක්ද, පාසලේ ආදි සිසුන්ගේ ධන පරිත්‍යාගයෙන් ජායා පිටපත් යන්ත්‍රයක්ද ලැබි ඇති අතර විදුහලේ දෙමහල් ගොඩනැගිල්ලේ වැඩ කටයුතුද අවසන් වෙමින් පවතී. වර්තමාන විදුහල්පතිතුමිය වන මාලා ගමගේ මහතමියගේ අධික්ෂණය යටතේ පාසල දියුණුව කරා පා නගමින් සිටින්නීය.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 24 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 06 කින් සමන්විතය. ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා අප කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. " ප්‍රියජනක පාසල් පරිසරයක් තුළ යහපත් පෞරුෂයකින් යුත් පුරවැසියෙකු බිහි කිරීම " යන දැක්ම අනුව යමින් දකුණු පළාතේ විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියනැගීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2021 වන විට පාසලට වසර 100 ක් පීරීම සිදු වූ අතර, තවත් චිරාත් කාලයක් ප්‍රදේශයේ සිසු දරුවන් අධ්‍යාපනික වශයෙන් ඉහලට ඔසවා තැබීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1921 ජුනි 07

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

15

මුල් ගුරුතුමාගේ නම

ඩී. මරක්කලහැන්නදි මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩී.එම්. හෙන්නදි මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මෙදේරිපිටිය කනිටු විදුහල

පාසල පැවැත්වූ ස්ථානය

මෙදේරිපිටිය ගම්මානයේ, කලටිබොක්ක ඉඩමේ තාවකාලික මඩුවක් තුල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

සදහනක් නැත

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

සදහනක් නැත

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1921 ජුනි මාසය

 

 

Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mederipitiya, Pallegama Rd, Deniyaya.

: (+94)415633470

: [email protected]

Supported By

© 2026 Mederipitiya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk