අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, සිංහරාජ සඳාහරිත වනාන්තරයට මායිම්ව, ගිං ගංගා අසබඩ සුන්දර පරිසරයක පිහිටි අප පාසල වසර සියයකට වඩා ඉතිහාසයක් ඇති, රටට දැයට වැඩ දායි පුරවැසියන් විශාල පිරිසක් සමාජයට දායාද කල පින්බර විදුබිමකි.
1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අප විද්‍යාලයෙහි, විශේෂයෙන් ප්‍රදේශයේ දුප්පත් දුවා දරුවන් බොහෝ පිරිසක් තම අධ්‍යාපන කටයුතු සිදු කරයි. වර්තමානයේ ජනප්‍රිය පාසල් රැල්ලට හසු නො වී තම දරුවන්ට යහපත ප්‍රාර්ථනා කරන දෙමාපිය පිරිසක් මෙන්ම ඒ සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරන ඟුරු මඩුල්ලක් විද්‍යාලය සතු බව කිව යුතුමය..




