පාසල් ගීතය
සැරදේ සැරදේ විදුහල් මාතා
දින දින දියුණුවෙ මාවත පාදා
දස දෙස කිතුරැස නංවා ජය ගොස
නමදිමු ඔඛෙ පා සිරස නමා
සැරදේවා සැරදේවා
විදුකෙත දින දින බැබලේවා ............//
මෙදේරිපිටියේ අප ගම්මානේ
කිරුල ඔබයි නංවන අභිමානේ
අපි හොඳ දරුවන් හෙට හෙළ විරුවන්
වෙමු අපි ඔබ සෙවනේ
සැරදේවා සැරදේවා
විදුකෙත දින දින බැබලේවා ............//
ගිං ගංගා කොමළිගෙ තූරුලේ
විදුබිම තෙදවත් වී බැබලේ
සිහරජ වනපෙත නිසසල වීලා
මුර සෙබලෙකූසේ ඔබ සුරකී
සැරදේවා සැරදේවා
විදුකෙත දින දින බැබලේවා ............//
සිප් නැන ලැබ ගමු - රට දැය නංවමු
හොඳ දරුවන් වෙමු - විදු සෙවනේ
ජය ගොස පතුරමු - කිතු රැස නංවමු
පණසේ සුරකිමු - විදුනාමේ
සැරදේවා සැරදේවා
විදුකෙත දින දින බැබලේවා ............//